රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මිතුරු මිතුරියන් පිරිසක් සමඟ දිට්වා ආධාර බෙදා දීමට ගිය දියණිය වැල්ලේ රෑන පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් අසන්නට ලැබෙනවා.
මේ දැරියගේ අම්ම තාත්තාද අනෙක් අම්ම තාත්තලා මෙන් පැවති ආපදා තත්ත්වයෙන් සිදුවූ ව්‍යසනය දැක දැඩි කලකිරීමට පත්ව සිටියා.
ඒ අනුව ප්‍රදේශයේ තරුණ තරුණියන් සමග ආධාර බෙදා දීමට තම දියණියද යොමු වීම පිළිබදව සුබවාදීව දෙමහල්ලෝ නිතර නිතර නිවසේ කතා කළහ.
ඒ අනුව ආධාර බෙදා දීමට සහයෝගය ලබාදෙන්න යයි සිය තරුණ දියණියට ඔවුන් නොකියා කීවේ වරක් දෙකක් නොව කිහිපවරක්මය.
මාපියන්ගේ මේ ඉඟිබිඟිය තේරුම් ගත් දියණිය මාපියන්ගේ අවසරයද ඇතිව තවත් යෙහෙළියන් පිරිසක් සමග ආධාර බෙදා දීමට නිවසින් ගියේ එදින හිමිදිරි පාන්දරමය.
දහවල් වනවිටදී පියාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අවශ්‍ය තාවක් සඳහා වහාම පොලිසියට පැමිණෙන ලෙසය. ඒ පොලීසියෙනි.
අවශ්‍යවතාව කුමක්දැයි ඇසුවත් නොකීව නිසා වරදක් තමා කර නැති බැවින් ඔහු පොලිසියට ගියේ මේ කාගේ හෝ මරාලයකට වෙන්න ඇතැයි සිතමිනි.
පොලිසියට ගිය ඔහුට දැකගන්නට ලැබුණේ බංකුවේ වාඩි වී සිටින තරුණ ජෝඩු කිහිපයකි.
ඒ දෙස වඩාත්ම විමසිලිමත්ව බැලූ කල සිය දියණිය ද එහි සිටිනු දැකීමෙන් ඔහුගේ දෑස් අන්දමන්ද වී ගියේය.
එය වැරදීමක්දැයි යන්න තේරුම් ගැනීමට ඔහු වඩාත්ම හොඳින් බැලූ කල එහි සිටිනුයේ සිය දියණියම බව දැකීමෙන් සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය.
“මොකද ලොකු උන්නැහේ බලන්නේ. මේ වැල්ලේ රෑන් පඳුරු අස්සේ අශීලාචාර ලෙස හැසුරුණා යයි කියන තොරතුරකට අනුව අපි ගෙනාපු ජෝඩු කිහිපය” යයි පොලිස් නිලධාරියෙකු කී විට අනේ එහෙනම් අපේ දුව ගිහින් තියෙන්නේ ආධාර බෙදා දීමට නොව යයි කියමින් සිය දියණිය දවා යන තරමේ බැල්මක් බැලුවේ ගෙදර ගියාම කරන දේත් සිතේ මවාගනිමිනි.

















