BREAKING NEWS
Search

මරණයෙන් කෙළවර වූ සහෝදර පෙම

345

පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි කඹුරුගමුව, වූතුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පවසයි.

සිය වැඩිමහල් සහෝදරයා සමග කලක සිට තිබූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි වැඩිමහල් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *