දිට්වා සුළි කුණාටුවේ බලපෑම ටිකෙන් ටික පහව යද්දී මේ ඇහෙන කතාව නම් ටිකක් බය ඇති කරවන්නත් පුළුවන්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. මේ ප්රවෘත්ති සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ද සහභාගී වෙලා හිටියා.
මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් සම්පත් කොටුවේගොඩ මහතා කියලා තියෙන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී තරංග ආකාරයේ කැලඹීම්, අඩුපීඩන කලාප සහ අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීලා තියෙනවා කියලා.
ඒ වගේම ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.
මේ ප්රවෘත්ති සාකච්ඡාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එස්. එල්. සූරියබණ්ඩාර මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලිද සහභාගී වෙලා තියෙනවා.

















