ඩුබායි අයි.එල්.ටී. විස්සයි විස්ස (ILT20) තරගාවලියේ උණුසුම මැදින් ඇහෙන ආන්දෝලනාත්මක කතාවක් තමයි මේ. අපේ රටේ සුපිරි ක්‍රිකට් තරුවක් වන කුසල් මෙන්ඩිස් ක්‍රීඩා පිටියෙන් හදිසියේම ඉවත් වෙලා, ශල්‍යකර්මයකට මුහුණ දීලා..
මේ ශල්‍යකර්මය සිද්ධ කරලා තියෙන්නේ ඔහුගේ උදරය සහ මුත්‍රාශය ආශ්‍රිතව ඇති වූ අසාමාන්‍ය රෝගී තත්ත්වයක් නිසාලු. ක්‍රීඩා ලෝකයේ කටකතා පැතිරෙන්නේ, මෙච්චර විශාල තරගාවලියක් මැද මේ වගේ තත්ත්වයක් ඇති වුණේ කොහොමද කියලයි.
සාජා වෝරියස් (Sharjah Warriors) කණ්ඩායම නියෝජනය කරපු කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා බලන්න හිටපු රසිකයන්ට නම් මේක දුක්බර පුවතක්.



















