BREAKING NEWS
Search

නත්තලට පෙර රෝග රැල්ලක්! කාලෙකට දරුණු උණක් පැතිරෙයි. මුහුණු ආවරණයක් පළඳින ලෙසට උපදෙස්

837
එංගලන්තයේ ශීත කාලය උදාවෙද්දි සෞඛ්‍ය ප්‍රධානීන් භයානක අනතුරු ඇඟවීමක් කරලා. මේ වතාවේ පැතිර යන්න පුළුවන් උණ රෝගය දශක ගණනාවකදී එන දරුණුතම රැල්ල වෙන්න පුළුවන්ලු.


කටකතා පැතිරෙන්නේ මේකට හේතුව අලුත්ම වෛරස් වික්‍රියාවක් වන H3N2 බවයි. සෞඛ්‍ය බලධාරීන් මේක නම් කරලා තියෙන්නේ “අමිහිරි වික්‍රියාවක්” විදිහට. මේක දැනටමත් NHS එකට දරුණු විදිහට බලපානවලු. නත්තලට කලින්ම මේ රෝග රැල්ලේ උපරිම තත්ත්වය ඇතිවෙන්න පුළුවන් කියලා කියන්නේ.

මේ H3N2 වික්‍රියාවේ තියෙන H (haemagglutinin) සහ N (neuraminidase) කියන ප්‍රෝටීන් සංයෝජනය, සාමාන්‍ය උණට වඩා හුඟක් භයානකයි කියලයි වෛද්‍යවරුන් කියන්නේ. විශේෂයෙන්ම වයස්ගත අයට සහ වෙනත් නිදන්ගත රෝග තියෙන අයට මේක මාරාන්තික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර කල් තිබ්බ එන්නත මේකට වැඩක් වෙන්නේ නැති තරම්.

දැනටමත් උණ රෝගය නිසා රෝහල්ගත වීම් ප්‍රමාණය පසුගිය අවුරුද්දට සාපේක්ෂව 56% කින් ඉහළ ගිහින්. හැබැයි විශේෂඥයෝ කියන්නේ, මේක තාම ආරම්භය විතරයි කියලා. උණ සමයේ උපරිම තත්ත්වය තවම ඇවිත් නැතිලු.

උණ, කැස්ස, දියර නාසය වගේ දේවල් එක්කම, මේකේ ලොකු වෙනස තමයි දැඩි තෙහෙට්ටුව (Extreme Fatigue). සෙම්ප්‍රතිශ්‍යාව වගේ නෙවෙයි, මේ උණ ලක්ෂණ ඉතා ඉක්මනින් එනවලු. එකපාරටම ලෙඩ වෙනවා වගේ හැඟීමක් එනවලු.

සෞඛ්‍ය බලධාරීන් දැන් උපදෙස් දෙන්නේ ලෙඩ වෙන්න කලින් එන්නත් ගන්න කියලයි. ඒ වගේම, පොඩ්ඩක්වත් අසනීපයි වගේ දැනෙනවා නම්, මූණු ආවරණයක් දාගෙන ගමන් බිමන් යන්න කියලාත් උපදෙස් දීලා තියෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *