රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
එහි සභාපති අජිත් උඩුගම කියා සිටියේ අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබීම ඊට හේතුව බවයි.
ඒ අනුව, සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා.
එසේ ඉහළ දමා ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බවයි.

















