රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
සපුගස් කන්ද පොලිස් වසමේදී ඊයේ රාත්‍රී සිදු වූ අනතුරකින් තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක සපුමල් රන්වල කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්වල ඔහුට අයත් ජීප් රථයෙන් ගල් වල හන්දියේ සිට පවර් හවුස් දක්වා දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ජීප් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා ජීප් රථය මාර්ගයේ දකුණු පසට ගැනීමත් සමගම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ ජීප් රථයේ ගැටී මෙම අනතුරු වී ඇති අතර එම මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු සහ මාස හයක කුඩා දැරියක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.
අනතුරින් යතුරුපැදිකරුට සහ මෝටර් රථයේ රියදුරුටත් තුවාල සිදුවී නැත.
සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

















