BREAKING NEWS
Search

සිය පණ දෙවැනි කොට සුරතලුන් රැකි පිලිපීන කාන්තාවක් ගැන ඇසෙන අරුම පුදුම කතාවක් මෙන්න..

371
දැවැන්ත ගින්නක්. එක වරම මෙහෙම සිද්ධියක් වූ සැනින් ඕනෑම කෙනෙක්ට මතක් වෙන්නේ තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගැනීම අංක එක හැටියට නේ.


ඒත් ඇය ඊට වඩා වෙනස්. තමන්ගේ ජීවිතය පවා අනතුරක හෙළමින් ඇය උත්සාහ ගත්තේ තම සුරතලුන්ගේ ජීවිතය බේරා ගැනීමටයි. පිලිපීන කාන්තාව සුරතල් බල්ලන් දෙදෙනෙකු බේරාගැනීමට දිවි පරදුවට තැබූ ඒ සිද්ධිය ගැන මේ මොහොතේ සමාජයක් කතා කරන්නේ ඇයි.?

ෆිලිපීනයේ, සෙබූ (Cebu) හි මැන්ඩවු නගරයේ (Mandaue City) හද කම්පා කරවන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යමින් තිබෙනවා. දැවැන්ත ගින්නක් අතරතුර තම ආදරණීය සුරතල් සතුන් බේරා ගැනීමට කාන්තාව කවුද..? මේ වෙනකොට බොහෝ දෙනා ඒ ගැන අවදානයෙන්.

මෙම කාන්තාව ගින්න ඇතිවූ ගොඩනැගිල්ලේ දෙවන මහලේ බැල්කනිය අසල සිටිනු දක්නට ලැබෙන අතර, මිනිසුන් දකින අතර, එහිදී බොහෝ දෙනා ඇයට කෑ ගසන්නේ එතැනින් ආරක්ෂිතව ඉවත්වෙන ලෙසයි.

එහෙත් ඇය එතැනින් ඉවත්වීමට පෙර,තම බල්ලන් දෙදෙනා බේරා ගැනීමට ප්‍රමුඛතාවය දීම නිසා මෙම පිලිපීන කාන්තාව වීරවරියක් වී තිබෙනවා.

ඇය කිසිඳු බියකින් හෝ කලබලයකින් තොරව තම සුරතලුන් දෙදෙනාගේ ජීවිතය බේරා ගෙන පසුව පහළ සිටි පිරිසගේ උපකාර සමග එම ගිනිගත් ගොඩනැගිල්ලෙන් ඉවත් වෙනවා.

කෙසේ වෙතත්, මේ ගින්නට හේතුව තවමත් ගිනි නිවීමේ නිලධාරීන් විසින් විමර්ශනය කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *