දිට්වා සුළි කුණාටුවත් සමඟ රට තුළ උද්ගතවූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමම මළගමක් බවට පත්වූ කතාව අසන්නට ලැබෙන්නේ උඩත්තව ගම්මානයෙන්.
පසුව තරුණයින් සහ පොලිසිය මැදිහත්ව විසිහතර දෙනකුගේ වගේ සිරුරු ගොඩගෙනගෙන අල්ලපු ගමේ ප්‍රදේශවාසීන් හා මහා සංඝරත්නය මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් මැදිහත්වීමෙන් එක්ව අවසන් කටයුතු සිදු කර ඇත.
එම ගම්මානය තැනිතලා බිමක පිහිටා ඇති අතර නකල්ස් කඳුවැටියේ යහන් ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර පහකට අධික දුරක් පස් කන්ද පැමිණ මෙම ගම්මාන යට කර ඇත.
එදා නෙළුම්මලගමේ සියලු නිවාස එලෙස සම්පූර්ණයෙන් විනාශවන විට ඉතිරි වූ එකම නිවාසයේ සිටියේ මව සහ දියණිය පමණි.
සිද්ධියෙන් දිවි බේරා ගත් ඔහුන් සිය අත්දැකීම මෙලෙස විස්තර කළා.”මමයි දුවයි විතරයි ගෙදර හිටියේ… උදේ පහට විතර තමයි මේ සිද්ධිය වුනේ. උදේ හාමුදුරුවෝ ගමේ අයයි ඇවිත් අපිව බේරගෙන අරන් ගියා”




















