BREAKING NEWS
Search

මෝටර් රථ දෙකක් එකම දුම්රියේ ගැටෙයි

692

ගාල්ල සිට කොළඹ දක්වා අද (09) සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ සීඝ්‍රගාමී දුම්රිය පියදිගම ප්‍රදේශයේ දී සහ හික්කඩු ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකක වැදී අනතුරු දෙකක් සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පියදිගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී දුම්රිය කාරයක වැදී ඇති අතර එම රථයේ ගංවතුරින් විපතට පත්වූවන්ට බෙදාදීමට ආධාර තොගයක් රැගෙන යන අයකු සිට ඇත. ඔහු අනතුරින් තුවාල ලබා නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරට පත් වූ එම මෝටර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර දුම්රිය නැවත ධාවනය ආරම්භ කළ පසු හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී නැවත එම දුම්රියේම තවත් කාරයක් ගැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *