BREAKING NEWS
Search

ආදරය අරන් නාමල් නුවරඑළියට

70

දිට්වා” සුළි කුනාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය සහ අවතැන් වූ පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් නාය ගිය ස්ථාන සියල්ල ආවරණය වන පරිදි  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් “ආදරය” මැයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල රේන්ද පොළ නානුඔය සහ කොත්මලේ කේන්ද්‍ර කර ගනිමින්  අද (08) පැවැත්විණ.

නුවරඑළිය දිස්ත්‍රික්කේ නාය යෑමෙන් අවතන් වූ සියලූම පවුල්වල දුවා දරුවන් සඳහා පොත්පත් බෙදා දීම මෙහිදී ආරම්භ විය.

තවද නාය යෑමෙන් අවතැන් වූ පවුල්වල අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *