BREAKING NEWS
Search

මේක හැදෙන්න කලින් ‘කට්ටියම’ උණු වතුර බොන්න. මහජනතාවට අනතුරු ඇඟවීමක්.

2
පැවතුණ වර්ෂාව ටිකෙන් ටික අඩු වෙලා යද්දී, ලොකු වසංගත අවදානමක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා ජනතාවට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.


එම සංගමය පවසන්නේ දැන් පරිස්සම් වුණේ නැත්නම් ඩෙංගු, මී උණ වගේ රෝග තත්ත්වයන් වේගයෙන් පැතිරෙන්න පුළුවන් කියලා. ඒ නිසා, අනිවාර්යයෙන්ම උණු කර නිවාගත් ජලය විතරක් පානය කරන්න කියලා ඔහු හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

වෛද්‍ය චමල් විජේසිංහ මහතා මෙහෙමත් කියලා තියෙනවා.

“වර්ෂාව අඩු වෙනවාත් එක්කම ඩෙංගු, මී උණ වැනි තත්ත්වයන් ඇති විය හැකියි. ජලය හරහා බෝවන අතීසාරය, පාචනය වැනි රෝග වළක්වා ගන්න පුළුවන් එකම විදිහ තමයි උණු කර නිවාගත් ජලය බොන එක. පහුගිය ආපදා තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල වසංගත තත්ත්වයක් ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා.”

ඔහු වැඩි දුරටත් කියලා තියෙන්නේ “ආපදාවට ලක් වූ ප්‍රදේශවල තියෙන පානීය ජල මූලාශ්‍ර 80%කට වඩා දැන් අපවිත්‍රයි!”කියලා.

තවද, රට පුරා දැනටමත් යම් ආකාරයක වෛරස් උණ තත්වයක් පැතිරෙමින් තිබුණු නිසා, මේ ආපදා තත්ත්වයත් එක්ක ඒ වෛරස් තත්ත්වය තව තවත් වැඩි වෙන්න පුළුවන් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ඔබේ පවුලේ අයගේ සහ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන නම්, නිවස අවට පිරිසිදුව තබාගෙන, අනිවාර්යයෙන්ම උණු කර නිවාගත් ජලය විතරක් පානය කරන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *