BREAKING NEWS
Search

දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

188

දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අද (06) රාත්‍රි‍ 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *