BREAKING NEWS
Search

ජලාශ 71ක් තවදුරටත් වාන්දමයි

47

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 80ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මල්වතුඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

මේ අතර බස්නාහිර, සබරගමුව පාළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *