BREAKING NEWS
Search

ඉඩමේ මායිමක ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

150

මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේදී ඉඩමේ මායිමක ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (5) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යාමේදී මියගොස් තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.

මෘත ශරීරය වෑතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *