ජීවිත කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද..
ඒත් කොත්මලේ ජලාශයේ රුදුරු ජලකඳ ඔවුන්ට මරණය ගෙන්වාවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති. කොත්මලේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වීම නිසා ඇතිවෙච්ච ගංවතුර තත්වයට හසුවී ඔවුන් පස් දෙනෙකුට දිවි අහිමි වුණා.
මේ පිරිස ජීවිතයත් මරණයත් අතර සටන් කරන අවසාන මොහොතේ දී පවා පණ රැකගන්න විශාල වෙහෙසක් දැරූ බව මෙන්න මේ කාරණයෙන් පැහැදිලි වෙනවා, “ඒ මුළු පවුලම මේ ගේ ඇතුලේ මියගියා. මෙයාලගේ මළ සිරුරු ගත්ත අය අපිට කිව්වේ මේ පවුලේ අම්මා අවසාන මොහොතෙත් තමන්ගේ ජීවිතය බේරගන්න ෆෑන් එකේ එල්ලිලා හිටියේ කියලා.”
මේ ඡායාරූපයේ ඉන්න පවුල ගම්පොළ නගරයට ඇවිල්ල තියෙන්නෙ ඔවුන්ගේ නිවස අසල නාය යාමක් වන බවට සලකුණු තිබ්බ නිසා.
ඔවුන් බේරෙන්න කියලා මෙතනට ආවට කොත්මලේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වීම නිසා ඇතිවෙච්ච ගංවතුරට ඔවුන් අහුවුනා.
ඒ මුළු පවුලම මේ ගේ ඇතුලේ මියගියා. මෙයාලගේ මළ සිරුරු ගත්ත අය අපිට කිව්වේ මේ පවුලේ අම්මා අවසාන මොහොතෙත් තමන්ගේ ජීවිතය බේරගන්න ෆෑන් එකේ එල්ලිලා හිටියේ කියලා.
මෙතන මරණ පහ ඇත්තටම ඛේදවාචකයක්.





















