BREAKING NEWS
Search

මල්වතු ඔයට බිලිවූ පුංචි අයියගේ නිසල සිරුර හමුවේ. නංගි තවමත් අතුරැදහන්

889

මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටින දරු දෙදෙනාගෙන්, පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදීඅනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුරය. මල්වතු ඔයේ දිය පහරට ගසා ගෙන ගොස් තවමත් අතුරුදහන්ව සිටින වයස අවුරුදු හතරක් වන, සිතුල්යා මීරියගල්ල දැරිය සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් බෝට්ටු යොදා ගෙන සහ ජලයේ කිමිදෙමින් ⁣ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියහ.

මීට දින පහකට පෙර  දෙදරු මවක, වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමග අනුරාධපුරයට පැමිණ අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *