BREAKING NEWS
Search

මගේ ප්‍රදේශයේ කෑම බෙදෙනවා නම් මම හරහා බෙදන්න- මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරියකගේ අත සපාකාලා

534
අද පාර්ලිමේන්තුව පැත්තෙන් හරි අමුතු කතාවක් අහන්න ලැබුණා ඔන්න. මේ දවස් වල ගොඩක් අය අවතැන් වෙච්ච ජනතාවට ආධාර බෙදනවා නේ. ඒ ආධාර බෙදිල්ල අස්සේ මාලිමා මන්ත්‍රීවරයෙක් කරපු වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ.

ස්වාධින මන්ත්‍රීවරියක් කඩුවෙල ප්‍රදේශයේ අවතැන් වෙචච ජනතාවට කෑම පැකට් බෙදමින් ඉඳලා තිබෙනවා. ඒ අතරතුර එතනට ආපු මාලිමා මන්ත්‍රීවරයෙක් අදාළ මන්ත්‍රීවරියගේ අත සපා කාල තියෙනවා.

මෙන්න මේ සිද්ධිය ගැන හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙන්න මේ විදියට.

” සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කණගාටු වෙනවා. ස්වාධීන මන්ත්‍රීවරියත් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල ප්‍රදේශයේ බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් මන්ත්‍රීවරියගේ අතක් හපා කාලා තියෙනවා. ” මගේ ප්‍රදේශයේ කෑම බෙදෙනවා නම් මම හරහා බෙදන්න ” කියා එලෙස අත සපා කා තියෙනවා. ඒ ගැන වීඩියෝ පවා තියෙනවා. අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහනවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්නෙ නෑ…….”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *