BREAKING NEWS
Search

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

34

පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබු පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති නිසා කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රියන් ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

පැවති අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබුණි.

කෙසේවෙතත් දුම්රිය මාර්ග රැසකටම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන රැසකින් යළි පිළිසකර කිරීම් ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *