බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඩොලර් 890000ක්

35

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය.

බලපෑමට ලක් වූ පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා නවාතැන් ද්‍රව්‍ය, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට මානුෂීය හවුල්කරුවන්ට මෙම මූල්‍ය සහාය මඟින් හැකියාව ලැබෙනු ඇති බවද මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *