BREAKING NEWS
Search

පිහිටට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට දිවි අහිමි වෙයි

98

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුනු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

ඔහු විසින් ඊයේ(03) දහවල් කාලයේ දී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

වීරපොකුණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *