BREAKING NEWS
Search

විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යළි වැසේ

589

ගමනාගමනයට විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය යළි සීමා කිරීමක් සිදුකර තිබේ.

පසුගිය දා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදු වූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනා ගමනය යළි සීමා කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම කාඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පැවසුවේ මහනුවර සිට එන රථ වාහන කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධක දමා සීමා කර ඇති බවත් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධක දමා මහනුවර බලා පැමිණෙන රථ වාහන සීමා කර ඇති බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *