BREAKING NEWS
Search

කොස්ගම වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

234

කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, මේ වනවිට ඔහු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 40ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් වෙඩි තැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *