අපේ අද දවසේ කෑම වේල ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න- වැලිකඩ බන්ධනාගාරයෙන් ආදරණීය කෑම පාර්සලයක්

24

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වැලිකඩ බන්ධනාගාරයෙන් ආදරණීය කෑම පාර්සලයක්. හැබැයි මේක රැඳවියන්ට ලැබුණු එකක් නෙවෙයි. ඒ අය තමන්ගේ දිවා ආහාරය දුන්නේ කොළඹ ගංවතුරින් අසරණ වුණු මිනිසුන්ට. ඇත්තටම මේක හදවතට දැනෙන පුදුම වැඩක්.

“අපේ අද දවසේ කෑම වේල ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න” කියලා වැලිකඩ පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3874 දෙනෙක්ම එක හඬින් ඉල්ලලා තියෙනවා. මොහොතකට හිතන්න…. සිර දඬුවම් විඳින මිනිස්සු තමන්ගේ කෑම වේල පරිත්‍යාග කරන්නේ තව කෙනෙක් වෙනුවෙන්. මේක ඇත්තටම අපි හැමෝටම ලොකු පාඩමක්.

අධිකරණ අමාත්‍යාංශය පවසන විදිහට මේ උතුම් පරිත්‍යාගය නිසා, ගංවතුරෙන් බැට කාපු කොළඹ මිනිස්සුන්ට කිලෝ 750 ක නාඩු හාල් වගේම කඩල, කව්පි, මුං ඇට, සෝයා මීට්, පරිප්පු, සීනි සහ තේ කොළ පවා පරිත්‍යාග කරන්න පුළුවන් වෙලා තියෙනවා. සම්පූර්ණ වියළි ආහාර කිලෝ 1200 කටත් වැඩියි.

වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී රජිව් එස්. සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් සහ රැඳවියන් මේ වියළි ආහාර තොගය කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතාට භාර දීලා තියෙනවා. මේ වෙලාවේ රැඳවියන්ගේ මූණුවල තිබුණු සතුට වචනවලින් කියන්න බැරි තරම්ලු.

මේ මිනිස්සුන්ගේ හදවත්වල මෙච්චර කරුණාවක් තියෙනවා නම්, අපි හැමෝම එකමුතු වුණොත් මේ රටට මොනතරම් හොඳ අනාගතයක් තියෙයිද? වැලිකඩින් ආපු මේ “කෑම වේල” ඇත්තටම මනුස්සකම කියන එකට හොඳම උදාහරණයක්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *