BREAKING NEWS
Search

යාපනය සලිත කරමින් බිහිසුණු ඝාතනයක්

686
රටම ආපදා තත්වයෙන් පීඩා විදින පසුබිමක යාපනය දිස්ත්‍රික්කයෙන් ඝාතනයක් ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා


යාපනය කෝපායි තිරුනවේලි හන්දියේදී ඊයෙ දින ඝාතනයක් සිදුව තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මාර්ගය හරස් කොට අදාළ පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබෙනවා.

එම සිදු වීම අසල තිබී කැමරාවක සටහන් වී තිබු අතර තියුණු ආයුධ වලින් පහර කෑ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඝහතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම තොරතුරක් අනාවරණය වෙලා නෑ කියලා තමයි පොලිසිය පවසන්නේ.
මෙම ඝාතනය යාපනය විශ්වවිද්‍යාල වෛද්‍යපිඨය ආසන්නයේ මෙය සිදු වී ඇති අතර ඒ හේතුවෙන් වෛද්‍යපිඨයේ සිසුන් බියට පත් වී සිටින බවද වාර්තා වෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *