ඊයේ (27) රාත්‍රියේ යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, මාර්ගය ජලයෙන් යටවීම හා ගස් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.
ඔවුන්ට අවශ්‍ය කෑම බීම සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ලබාදීමට කටයුතු කරන බවත් මගී බස් රථ ගමන් කර හැකි පරිදි මාර්ග විවෘත වූ පසු සියලුම මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන් කරුණාරත්න මහතා පවසයි.

















