BREAKING NEWS
Search

හසලක ඛේදවාචකය. 05දෙනෙකු මරුට – තවත් 12දෙනෙකු අතුරුදන්

97

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවය.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *