BREAKING NEWS
Search

තවත් ප්‍රදේශ රැසකට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීමක්

97

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික ගඟ සහ මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ලැබෙන අධික වාර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

අද (27) රාත්‍රී 11.30ට නිවේදනයක් නිකුත් කරමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ඒ අනුව එම ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපකවල අගයන් සලකා බැලීමේදී එම ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇත.

එම නිසා එම ප්‍රදේශවල ගංඟාවන්ට ආසන්නව පදිංචි මහජනතාව ඒ සම්බන්ධව ඉතා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවී ඇති අධි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

ගංඟා දෙපස පහත් බිම්වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ඉන් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත ළඟාවීම වඩාත් සුදුසු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *