BREAKING NEWS
Search

හිටපු මන්ත්‍රීවරයෙක් දරුණු අනතුරකින් ජීවිතක්ෂයට. සිත් කම්පා කරවන දුක්බර ආරංචියක්.

8590
කින්නියා ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ ඒ.එම්. ඉබුනුල්ලා (55) මහතා අද (27) දින දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට කින්නියා පොලිසිය සඳහන් කරනවා.

අනතුර සිදුවෙලා තියෙන්නේ කින්නියා – තඹලගමුව මාර්ගයේ වෙල්වේළි ප්‍රදේශයේදීයි. පොලිස් ආරංචි අනුව ඒ වෙලාවේ පැවති අයහපත් කාලගුණය සහ දැඩි මීදුම් සහිත තත්ත්වය නිසාමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.

මූලික පොලිස් පරීක්ෂණවලින් කියන්නේ, අයහපත් කාලගුණය තිබියදීත් වේගයෙන් ධාවනය වුණ ලොරියක් හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ භයානක අනතුර සිදුව ඇති බවයි.

අනතුර කළ ලොරිය සහ රියැදුරා මේ වනවිට කින්නියා පොලිසිය අත්අඩංගුවට ගෙන අවසන්. සැකකාර රියැදුරා මූතූර් පාල නගර් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *