ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසය.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි.



















