මේක හපුතලේ පැත්තෙ ගමකින් ඇහෙන අතිශය සත්‍ය කතාන්දරයක්.
ඒක ඔබට කියන්නෙ ‘නරක නපුරු’ ආදර්ශයක් ගන්න බලාගෙන නෙවෙයි.ජීවිතේට දෙයක් ගන්න කියන්නයි…
අනියම් සැප කොතරම් අවදානම් ද කියන්නයි..
“මට බැරිවුණු එකම දේ ඒකි එක්ක ඉන්න.ඒක තමා මම කරපු වරද. මොකද මම වැඩ කළේ කොළඹ, සතියක් ගානේ හරි මාසෙකට හරි සැරයක් මම ආවම මම ඒකිට ආස හැමදේම අරන් එන්නෙ. ඒකි බලාගෙන ඉන්නෙ මා එක්ක ලිංගිකව එකතු වෙන්න. ඒත් සමහර දවස්වල මහන්සි නිසා මම ඒකිව මඟ අරිනවා…”
“මම දන් නෑ, ඒකි මොනවා තේරුම් ගත්තද කියන්න.ඒත් මම හිතුවා ඒකි පතිදම් රකින පත්තිනි අම්මා කෙනෙක් කියලා. ගමේ එවුන් එක එක කතා කියද්දි විශ්වාස කළේ නෑ.මට කිව්වේ මේකිටත් වඩා බාල ත්‍රීවිල්කාරයෙක් එක්ක මේකි රවුම් ගහනවලූ.”
“මට අතටම අල්ලගන්න වුවමනා වුණේ සර්.ඒ විදිහටම අල්ලගත්තා. එදා ඒ වෙලාවේ උන් දෙන්නා අමු හෙලුවෙන් කාමරේ ඇතුළේ ජවුසන් නටනවා.මොන පිරිමියට ද සර් ඉවසන්න පුළුවන්..මට යකා වැහුණා. ඒ කාලකණ්ණි ත්‍රීවිල්කාරයා මාව දැකපු ගමන් සරම කඩාගෙන දිවුවේ.ගෑනි සමාව ඉල්ලලා අඬන්න ගත්තා..”
“මොන හේතුවක් ද මන්දා සර්. ඒකි ඇඬුවට මට අනුකම්පා හිතුණේ නෑ. මට සෑහෙන කේන්ති ආවා විතරයි සර්.. අන්තිමට මම අතට අහුවුණු පොරෝවෙන් ගෑනිගේ ඔලුව කෑලි කළා. ඒකි අඬන එක නතර වුණා.ඔලුවේ කෑලි හැමතැනම විසි වුණා. මම මේ පොරවත්අරන් භාරවෙන්න ආවා සර්..”



















