විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊශ්‍රායල සේවකයින් යැවීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුව ඇතැයි කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණි.
එම සිදුවීමට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

















