BREAKING NEWS
Search

දෝණි මගේ යතුරු දෙක දෙන්න – කතරගම බෝධීන් වහන්සේ උඩ නැඟි පුද්ගලයෙක් යතුරු දෙකක් ඉල්ලා යකා නටයි

561

කතරගම දේවාලය පිටුපස පිහිටි බෝධීන් වහන්සේට නැඟි පුද්ගලයෙක් අද (25) දහවල් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇත්තේ කැබැල්ලෑව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

බෝධීන් වහන්සේ මතට නැඟි එම පුද්ගලයා බස් රථ දෙකක යතුරු තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලා මෙලෙස බැතිමතුන්ට හිරිහැරයක් ඇතිවන ආකාරයට කලහාකාරී ලෙස හැසිරුණු බවයි  කතරගම වාර්තාකරු සඳහන් කළේ

එම අවස්ථාවේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව සූක්ෂමව බෝධීන් වහන්සේගෙන් බිමට බස්සවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු සිවිල් ආරක්ෂකයින් නිලධාරීන්ට පහරදීමට තැත්කර තිබෙනවා

පසුව සිවිල් ආරක්ෂකයින් නිලධාරීන් ඔහුව අල්ලාගෙන පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *