BREAKING NEWS
Search

සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි මල් කැකුල බිලිගත් වෑන් මාරයා

303

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය සහෝදර සහෝදරියන් සමග කෙලි දොළින් සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි කුඩා දරුවකු වෑන් රථයක ගැටී මිය ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත මහල් නිවාස පදිංචිව සිටි තලගලගේ නිවේන් මින්නාස් දරුවායි.

මියගිය දරුවා දරුවන් සිව් දෙනකුන් යුත් පවුලක තෙවන දරුවා වන අතර වැඩිමහල් සහෝදරිය ඇතුළු අනෙකුත් සහෝදරයන් සමඟ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් අතුරු මාර්ගය දෙසට දිව ඒමේදී මිල්ටන් පෙරේරා මාවත දෙස සිට කලේයි මගල් වීදිය ඔස්සේ ධාවනය වූ වෑන් රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ මතුපිටින් සිරිම් තුවාල පමණක් දක්නට ලැබී තිබී ඇත අතර ලේ වමනය කිරීම හේතුවෙන් වෑන් රථයෙන්ම රියදුරු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රෝහල් ගත කළ දරුවා වාට්ටු අංක 20 හි විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්  මියගොස් ඇත.

වෑන් රථ රියදුරු වන කොළඹ 15 මට්ටක්කුලිය කදිරාණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *