BREAKING NEWS
Search

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුණාද? ප්‍රශ්නය CIDය අතට මාරු වෙයි…

355

මේ මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන ඇහෙන කතාව.

උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, පසුගිය සතියේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් ඊට අදාළ පැමිණිල්ල සිදු කර ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථක විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.

අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී එවන් සිදුවීමක් පිළිබද ව කිසිදු නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *