BREAKING NEWS
Search

ව්‍යාපාරිකයෙකු ඇතුළු හතක් ඝාතනයට සැලසුම් කළ අයෙකු කොටුවෙයි

68

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු හත්දෙනෙකු ඝාතනය කිරිම සඳහා සැලසුම් කරමින් සිටියදි පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගමට පොලිසිය විසින් අදාළ සැකකරු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබුණි.

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දී ඇත්තේ මෙම පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් තිබියදී ඒ පිළිබඳ ලද තොරතුරක් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ නිවසක් පසුගියදා පරීක්ෂා කර තිබුණි.

එහිදි ටි56 ගිනි අවියක් සමග යුද හමුදාවේ හිටපු සෙබෙලෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර එම අවස්ථාවේදි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබු බව සඳහන් වේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අපරාධකරුවන්ට නවාතැන් දුන් බවට චෝදනාව මත අදාළ නිවසේ හිමිකරු වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *