BREAKING NEWS
Search

විදුලි කණුවක ගැටී ජීවන ගමන නිම කළ මිතුරන් දෙදෙනා

712

දිවුලපිටිය දූනගහ – ගොඩිගමුව මාර්ගයේ අද (20) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී එක් පුද්ගලයෙකු එම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී අතර අනිත් පුද්ගලයා මීගමුව රෝහල් ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව දිවුලපිටි පොලීසිය පැවසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන බඩල්ගම ඉහළ මඩන්පැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

දිවුලපිටි පොලිසීය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *