Search

අනියම් සැමියා සමග එකතු වී සැමියාව ඝාතනය කළ බිරිඳක් ගැන මහියංගනෙන් ඇසෙන ඇග හිරිවැටෙන කතාව

1

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය, සඟබෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට පසුගිය ඔක්තෝම්බර් මස 17 වනදා මහියංගනය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී ඔහුගේ යතුරුපැදිය වියානා ඇලේ තිබීයදී ඔක්තෝම්බර් මස 21 වනදා හමුව තිබුණි.

එමෙන්ම ඔහුගේ සිරුර ඊට දින 3කට පසුව එනම් පසුගිය 24 වනදා ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය ජලාශයේ තිබී පොලීසියට හමු විය.

ඉන් පසුව මෙය සැකසහිත මරණයක් වූ බැවින් පොලීසිය ඒ සම්බන්ධව විමර්ශන අඛණ්ඩව සිදුකර ඇත.

ඒ අතරතුරදී ඊයේ දිනයේ (19) දිනයේ දී මහියංගනය පොලිස් ස්ථානයට පුද්ගලයෙකු පැමිණ අදාල මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට පවසා තිබේ.

ඔහු පොලීසියට පාපොච්ඡාරණයක් කරමින් පවසා ඇත්තේ මරණකරුගේ බිරිඳ හා තමන් අතර පැවති අනියම් සම්බන්ධතාවයකට විවාහක පුරුෂයා වන මරණකරු බාධාවක් වූ බැවින් ඔහුගේ බිරිඳගේ අනුදැනුම මත තමන් තවත් පුද්ගලයෙකු සමඟ මෙම ඝාතනය සිදුකළ බවටය.

ඒ අනුව එම පුද්ගලයා සහ මරණකරුගේ බිරිඳ මෙම මනුෂ්‍ය ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 55 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 42 ක් වන සඟබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *