BREAKING NEWS
Search

ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

0

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අද (18) පස්වරුවේ මෙම තත්ත්වට හටගෙන ඇති අතර ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් මේ හේතුවෙන් අක්‍රීය වී ඇත.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් Cloudflare සමාගම සඳහන් කර ඇත්තේ සිය සේවාවට අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමක් පෙන්නුම් කළ බවත් ඒ හේතුවෙන් සිය ජාලයේ දෝශ හටගත් බවය

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමට හේතුව කුමක්ද යන්න පැහැදිළි නොවුණ බවත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුහුසුළුව සිය සමාගම කටයුතු කරන බවත් එම සමාගම නිවේදනය කර තිබේ.

මතුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් X, Chatgpt ඇතුළු සමාජ මාධ්‍ය රැසක්ද අක්‍රීය වී තිබේ.

කෙසේ නමුත් සමාගම විසින් මෙම බිඳ වැටීම යතාවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට වෙබ් අඩවි රැසක් යතාවත් වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *