බංකොලොත් කර තිබූ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා සේම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් විමර්ශන කරන විට සමහර අයට රිදෙනවා.තමන්ට රිදෙන කොට අති දක්ෂ විමර්ශන නිලධාරීන්ට පහර ගහනවා. පොලිස් දෙපාර්තමේන්තුව මොන තත්ත්වෙකට ඇදලා දාලා තිබුණාද කියා මේ රටේ ජනතාව දන්නවා.අප පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් නිදහස් කර තිබෙනවා.පොලිසියේ මාරුවීම් ආදී සියල්ල වන්නේ පොලිස් කොමිසම හරහායි.පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ කාර්ය සාධනය මතයි.පොලිස් දෙපාර්තමේන්තුව දැන් දක්ෂ ලෙස සක්‍රීයව කටයුතු කරනවා.මිලියන 624 ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අයවැයෙන් වෙන් වී තිබුණා.එයින් මිලියන 480ක් මේ වන විට වියදම් කර තියෙනවා.අපි ගත්ත මුදල් පූර්ණ උපයෝජනයෙන් යොදවා තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.


















