මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් කාන්තාවන් පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවක තවත් ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් අදාළ කාන්තාවන් දෙස බලමින් අසැබි ක්‍රියාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු සංචාරක පොලිස් කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත්කර තිබුණා.
ඒ අනුව අදාළ සැකකරු අද (17) දිනයේ සංචාරක පොලිස් කොට්ඨාසයේ මහනුවර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙක් බවයි සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේ.
මෙම සැකකරුට එරෙහිව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක් ද පවතින බවට අනාවරණය වී තිබෙනවා.
සංචාරක පොලිස් කොට්ඨාස අනාවරණය කරගත් කරුණු අනුව පසුගිය 04 වනදා පරගහදෙණිය මාවතගම මාර්ගයේ දී සැකකරු විසින් මෙම අසැබි ක්‍රියාව අදාළ විදෙස් ජාතික කාන්තාවන්ට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

















