BREAKING NEWS
Search

ලක්ෂ පහළොවක් පොලියට අරගෙන මහත්තයා රට ගියේ – ඊශ්‍රායලයේදී ඝාතනය වූ ලාංකිකයාගේ බිරිද හැඩු කදුලින් කියූ කතාව

2499

පසුගියදා සාදයක් අතරතුරේදී සිදුවූ බහින් බස්වීමක් හේතුවෙන් ඊශ්‍රායලයේදී ලාංකිකයකු බෙල්ල කපා ඝාතනය කිරීම සිදුවිය. ඒ අනුව අදාළ කළු ජාතික පුද්ගලයා මෙම ලාංකිකයාගේ බෙල්ලද හිසෙන් වෙන් කොට රැගෙන ගොස් ඇති බවට වාර්තා විය.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ බටපොළ කොණ්ඩගල පදිංචිව සිටි දෙද රුපියෙක් වන කොණ්නිගොඩ කංකානම්ගේ තරිඳු ශානක නමැති තැනැත්තෙකි.

මේ අවාසනාවන්ත සිදුවීම කන වැකුණු සැණින් ඔහුගේ ආදරණීය බිරිඳ සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.

“මගේ මහත්තයා වඩු කාර්මිකයෙක්. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු දාහතක් වෙනවා. අපට දරු දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුව හත්වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. පොඩි දුව තවම මොන්ටිසෝරි යනවා. හැමදාම වැඩ නැති නිසාත්, ගේ හදාගන්න සහ දරුවන්ට උගන්වන්නයි මහත්තයා රට ගියේ.

පසුගිය සැප්තැම්බර් මාසෙ 17 දා එයා රට ගියේ. තවම වෙන්නේ මාස දෙකයි. රට යන්න ගත්ත ණය මුදල් රුපියල් ලක්ෂ පහළොවක් විතර තිබෙනවා. සියයට හතේ පොලියට රුපියල් ලක්ෂ පහකුත් ගත්තා. අනේ මං කොහොමද මේ ණය ටික ගෙවා දමන්නේ. රට ගියාට එයාට තවම හරියට රක්ෂාව කරන්න ලැබුණේ නැහැ කිව්වා.

මේ මාසෙ වෙනකොට දවස් දොළහක් විතරයි වැඩ කර තිබුණේ. ඒ සල්ලිවලින් මට රුපියල් ලක්ෂයක් එවල තිබුණා. ලබන මාසෙ වැඩ කළාම ණය ටික බේර ගන්න සල්ලි එවන්නම් කිව්වා. රට යන්න වෛද්‍ය පරීක්ෂණවලට යන කොටත් අපි හැමෝම එක්කගෙනයි ගියේ. එයා ළමයින්ට හරි ආදරෙයි. එහෙම ගියාම පොඩි දුවට සෙල්ලම් බඩු එහෙමත් අරගෙන දුන්නා. ළමයින්ට කෑම බීමත් අරගෙන දුන්නා. එයා අපට පේන්න සිගරැට් එකක්වත් බොන්නෙ නැහැ.

පාටිවලට යන්න වැඩි කැමැත්තක් නැහැ. පාටියකදී ඔය සිද්ධිය වෙලා කියන කතාව පිළිගන්න බැහැ. අවසන් වරට පසුගිය දහතුන් වැනිදා මට එයා කතා කළේ. මම එළියට යන ගමන් කතා කරන්නේ කිව්වා. නොවැම්බර් මාසෙ දහවැනිදාට අපි බැඳල අවුරුදු දාහතක් වෙනවා නේද කියලත් එයා ඒ වෙලාවේ කිව්වා.

මේ දරුවෝ දෙන්නා දමල මට රක්ෂාවකට යන්නවත් බැහැ. මගේ මහත්තයගෙ දේහය ඉක්මනින් ලංකාවට ගෙනැවිත් දෙන්න කියලා ඉල්ලා සිටින බවත් ඇය කීවාය.”

දේහය සතියක් තුළ ලංකාවට රැගෙන ඒමට නියමිත බව තානාධිපති කාර්යාලය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *