Search

විනාඩි 10ක් ප්‍රමාද වූ වරදට ගුරුතුමියක් දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට

2103

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරියක් විසින් ලබා දුන් දඬුවමක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයට මෙම දඬුවම ලබා දී ඇත්තේ පාසලට පැමිණීමට විනාඩි 10ක් ප්‍රමාද වීම හේතුවෙනි.

අදාළ ගුරුතුමිය විසින් ඇයට දඬුවම ලෙස 100 වතාවක් එකදිගට හිඳගෙන නැගිටීමට නියම කර තිබේ.

එම දඬුවමින් පසුව ඇයගේ බෙල්ලේ සහ පිටුපස දැඩි වේදනාවක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් ඇයව මුම්බායි හි රෝහලකට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය ගිය දැරිය රෝගී තත්ත්වයෙන් පෙළෙන දැරියක වන බවත් ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර මෙසේ දඬුවම් කිරීම හරහා ඇයගේ සොඛ්‍ය තත්ත්වය අයහපත් වූ බවත් දැරියගේ දෙමාපියන් විසින් චෝදනා එල්ල කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *