සුව සැරිය අලුත් වෙයි! රජය ගත්ත අලුත්ම තීරණය මෙන්න

0
2018 දී පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද 1990 සුව සැරිය පදනම දිවයින පුරා සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබා දෙන සේවාවක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.
මෙම සුව සැරිය සේවාව නවීන තාක්ෂණය මුසු කරමින් ‘සුවසැරිය’ ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා.

මේ සඳහා අවශ්‍ය කරන සැලසුම් මෙන්ම ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත්, මෙම ගිලන් රථ සේවාවට ලොව පවතින නවීනතම තාක්ෂණය එක් කරමින්, නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බවත් වාර්තා වෙලා තියෙනවා.

ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන් රථ 100 ක් ලබා ගැනීමට කටයුතු කරන බව ද, එසේ ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20 ක්ද, තවත් ගිලන් රථ 25 ක් ප්‍රදානයක් ලෙස ද ලැබීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසා සිටින්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *