BREAKING NEWS
Search

දියණියගේ කෝපය නිසා මවට වුණ දේ… බදුල්ලෙන් ඇසෙන හද කම්පාවන කතාව

4657

බදුල්ලෙන් හද කම්පාවට පත් කරන සිදුවීමක් වාර්තා වනවා.

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක් තම මව නිදා සිටි ඇඳට ගිනි තැබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිදුවීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා සිටින මව මේ වනවිට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරනවා. එම සිදුවීමෙන් පසු අදාළ සිසුවිය පසුගිය 11 වන දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තරුණයෙකු සමඟ ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයට මව විසින් දුන් අවවාදය නිසා ඇය මෙම දරුණු තීරණය ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ‍යෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *