BREAKING NEWS
Search

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

786
කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කරනවා.

මෙම දරු උපත පසුගිය 10 වෙනිදා සිදුව ඇති අතර මෙම දැරියන් දෙදෙනාගේ මව පන්නල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් බව අධ්‍යක්ෂවරයා පැවසුවා.

එක් දැරියකගේ උපත් බර කිලෝ 2යි ග්‍රෑම් 200 ක් වන අතර දරු දෙදෙනා කිලෝ 4යි ග්‍රෑම් 400කින් යුතු නිරෝගිව ඉපැදී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

උදරයෙන් එකට යාවී ඇති මෙම දැරියන් දෙදෙනාව වෙන්කිරීමේ සැත්කම රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදි මාස තුනකින් පසුව සිදුකිරීමට නියමිත බව ද හෙතෙම පැවසුවා.

සිසේරියන් සැත්කමකින් ලබා ගත් මෙම දැරියන් දෙදෙනා සිය නිවෙස් වෙත ගෙනයාමෙන් අනතුරුව මාස 3 ක් ඉක්ම ගිය පසු රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු සඳහන් කළා.

දෙබිඩි දරු උපත් මෙම රෝහල තුළ සිදුව ඇති නමුත්, මෑත භාගයේ මෙැවනි දරු උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *