BREAKING NEWS
Search

බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිවයිනට

1740

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය ද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්.

කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *