මේ අවාසනාවන්ත සිදුවීම ඊයේ වාර්තා වුනේ කුලියාපිටියෙන්.
විභාග අයදුම්පත හා ජාතික හැඳුනුම්පත සහිත පසුම්බිය බස්රියේදී සොරාගැනීම දරාගත නොහැකිව කුලියාපිටිය නගරය මැද මහමග සිහිසුන්ව ඇදවැටුණු උසස් පෙළ සිසුවකු කඩිනමින් රෝහල්ගත කිරීමට නගරවාසීහු කටයුතු කර තිබුණා.
ජීව විද්‍යා අංශයෙන් තෙවැනි වර විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවෙක් මෙම අකරතැබ්බයට මුහුණ දී තිබෙනවා.
ඊයේ පෙරවරුවේ තමන් බස් රථයෙන් පැමිණ ඉතිරි මුදල් දමා පසුම්බිය පාසල් බෑගයේ බහා පැමිණි බවත් ලිපිද්‍රව්‍ය කිහිපයක් ගෙන මුදල් ගෙවීමට යෑමේදී පසුම්බිය නොමැති බව දැන ගත් බවත් සිසුවා පවසනවා.
එම අවස්ථාවේ එහි සිටි අයකු වහා මැදිහත්ව අන්තර්ජාලයෙන් අයදුම්පතේ පිටපතක් ලබාදී මාර්ගයේ ගමන් ගත් අයගෙන් උදව් ඉල්ලා ඇති අතර ඒ අසලින් ගිය අයකු කඩිනමින් සිසුවා කැටුව බස්නැවතුම ඉදිරිපිට පදිංචි සාම විනිසුරුවරියකගෙන් අත්සන් ලබාගෙන සිසුවා විභාගයට පිටත් කර යවා ඇතිබව සදහන්.
නමුත් සහතික කළ සේයාරුවක් අවශ්‍ය වීම නිසා යළිත් එම සිසුවා අසහනයට පත්වීම වැළැක්වීමට සාමවිනිසුරුවරියක් කැටුව ගිය පුද්ගලයා සමග සිසුවා මුදල් ලබා දී සේයාරුවක් ලබා ගැනීමට ඡායාරූප ශාලාවකට පිටත් කර යවා තිබෙනවා.
එම අවස්ථාවේ ඔහු සිහිසුන්ව නගරය මැද ඇදවැටී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
එහිදී සිසුවා සතුව තිබුණු දුරකථනයෙන් ඔහුගේ මව අමතා ඇය කැඳවා විභාගය ලිවීමට පැමිණි සිසුවා 1990 ගිලන් රථයකින් රෝහලට යවා තිබෙනවා.



















