BREAKING NEWS
Search

හෙළයේ ගීත කෝකිලාවියගේ ජන්ම දිනයට සුබ පැතුම් පිරිනමන්න ගිය විපක්ෂ නායක

139

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

එතුමියගේ උපන් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන එතුමියගේ නිවසට පැමිණියා.

මෙහි දී ඇය සමඟ ගීත කිහිපයක් ද ගායනා කිරිමට සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රෝහණ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, ජේ. සී. අලවතුවල, දිලිප් වෙදආරච්චි, එම්. ධර්මසේන, සුජීව සේනසිංහ, කිංග්ස් නෙල්සන්, චිත්‍රාල් ප්‍රනාන්දු, බී. ආරියවංශ මහතා මෙන්ම දයාන් විතාරණ මහතා ප්‍රමුඛ ගායක ගායිකාවන් සහ ලතා වල්පොළ මහත්මියගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *