BREAKING NEWS
Search

උසස් පෙළ විභාගයට පෙරදින රැයේදී සියල්ලන් හඬවා ඇ‍ය නික්මයයි.. දඹුල්ලම කම්පා කරමින් මියගිය සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි..

23343
ඇයගේ මරණය ඊයේ දිනයේ රටක් සංවේදී කළ සිද්ධියක් වුණා.

බොහෝ දෙනෙක්ට මේ මරණය අභිරහසක් වුණේ ඇය ඉගෙනීමට දක්ෂ දරුවෙකු වුණු නිසයි..

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා.

එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක්.

පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිට තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම සිසුවියව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *